|
අපගේ දැක්ම ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව සදහා විශිෂ්ඨ හා කාර්යක්ෂම සේවාවක් සැපයීම. |
අපගේ මෙහෙවර රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණයෙන් හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලිම. |
ආයතනයේ පිහිටීම
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශය තුල පිහිටා ඇති එවකට අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්ව තිබූ ග්‍රාම නිලධාරී වසම් 19 ක් වෙන්කර ගැනීමෙන් අනතුරුව නව පරිපාලන ඒකකයක් ලෙස 2005 නොවැම්බර් මස 11 වන දින ගෝනාපීනුවල සරණ හංදිය ආසන්නයේ ආරම්භ කල නමුත් පසුව නව දෙමහල් ගොඩනැගිලි දෙකකින් යුත් ගෝනාපීනුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල පරිශ්‍රය ගාල්ල කොළඹ A2 මාර්ගයේ කුමාරකන්ද මංසන්ධියෙන් ගාල්ල - ඇල්පිටිය 752 මාර්ගයේ 6.2 KM ක දුරකින් ද හික්කඩුව මංසන්ධියෙන් ගාල්ල බද්දේගම 395 මාර්ගයෙන් 5.2 KM ක දුරකින්ද ස්ථාන ගතව ඇති අතර උතුරින් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද, නැගෙනහිරින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද, දකුණින් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද, බටහිරින් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද මායිම්ව පිහිටා ඇත.
මාර්ග විස්තරය ගූගල් සිතියම ඇසුරෙන්
ග්‍රාමීය හා අර්ධ නාගරික හා ස්වයංපෝෂිත ආර්ථික රටාවකට හිමිකම් කියන ගෝනාපීනුවල ප්‍රදේශීය මහ ලේකම් කාර්යාල බලප්‍රදේශය බහුතර වශයෙන් සිංහල බෞද්ධ ජනතාවකගෙන් යුක්ත වන අතර, ගෝනාපීනුවල යන නාමය සම්බන්ධ ජනප්‍රවාද රැසක් හමුවේ. දඩයක්කරුවෙකු විසින් පසුපස එලවාගෙන පැමිණි ගෝනකු ජීවිතය බේරා ගැනීමට අසල තිබූ ඇළට පැන පීනායාම නිසා ගෝනා-පීනු-ඇළ යන්න ව්‍යවහාරයේ ඇවෑමෙන් ගෝනාපීනුවල බවට පත්වූ බවට ජනප්‍රවාද සාක්ෂි දරයි.
හෙක්ටයාර් 2337 භූමි ප්‍රමාණයක් වසා පවතින ගෝනාපීනූවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය කුරුදු, ගම්මිරිස් යන අපනයන භෝග වලින්ද කුඹුරු, ගෙවතු හා පශු සම්පතින්ද කඩොලාන වැනි ස්වභාවික රක්ෂිතයන්ගෙන්ද පිරුනු යම් පමණකට සංචාරක ආකර්ෂණයක් සහිත සොදුරු බිම් කඩක් වෙයි.
ආයතනයේ විකාශනය
2005 වසරේ සිට සේවය කල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නාම ලේඛණය
|
නම |
සිට |
දක්වා |
|
යු.ජි.විදුර කාරියවසම් මයා (වැ.බ.) |
2005-12-05 |
2006-01-22 |
|
එල්.පි.මාලනි මිය (වැ.බ.) |
2006-01-23 |
2006-05-21 |
|
ජේ.වන්නිආරච්චි මයා |
2006-05-22 |
2007-07-08 |
|
නිමල් ගුණවර්ධන මයා |
2007-07-09 |
2013-08-27 |
|
දමයන්ති පරණගම මිය (වැ.බ.) |
2013-09-25 |
2014-01-12 |
|
ප්‍රියන්තා දිසානායක මිය |
2014-01-13 |
2017-03-24 |
|
අයි.හිමාලි රත්නවීර මිය (වැ.බ.) |
2017-03-28 |
2017-07-05 |
|
එල්.එන්.පියුමලී ලියනගේ මිය |
2017-07-06 |
2023-03-30 |
| ජී.ජී.ලක්ෂ්මී කාන්ති මෙවි (වැ.බ.) | 2023-04-03 |
2023-08-27 |
| එම්.එම්.එම්.ශර්ෆාස් මයා |
2023-08-28 |
















