ආයතන අංශය

ගෝනාපීනුවල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?

  • ඔබට ගෝනාපීනුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට පිවිසිය හැකි මාර්ග  2ක් ඇත. එනම් බද්දේගම හික්කඩුව මාර්ගය හෝ ඇල්පිටිය මාර්ගයෙනි. 

Google Mapsමාර්ග විස්තරය ගුගල් සිතියම ඇසුරෙන්

ග්‍රාම නිලධාරී වසම් අංක පිළිබද විමසීම

ග්‍රාම නිලධාරී වසම් 19 කි.

59ඒ - හික්කඩුව නැගෙනහිර 

59ඒ1 - ආරච්චිකන්ද 

60 - ගෝනාපිනුවල නැගෙනහිර 

60ඒ - ගෝනාපිනුවල බටහිර

60බී - ගෝනාපිනුවල මධ්‍යම 

60සි - වුඩ්ලන්ඩ්වත්ත 

60ඩී - දොඩංකහවිල 

60ඊ - කළුවගහජනපදය 

66 - අළුත්වල 

66ඒ - මානම්පිට 

66බී - බේරතුඩුව 

66සී - බාන්වැල්ගොඩැල්ල 

66ඩි - හේනගොඩ 

66ඊ - තිලකගම 

66එෆ් - මහගංගොඩ 

66ජී - දගරගහඋඩුමුල්ල 

66එච් - ඊරියගහමුල්ල 

68ඒ - කිරිදිඇල 

73සි - කරුවලබැද්ද

ව්‍යාපාර නාම ලියාපදිංචියේදී අයිතිකරු පැමිණිය යුතුද ?

  • අයිතිකරු පැමිණිම අනිවාර්ය නොවේ. අදාල ලියකියවිලි නිවැරදිව සම්පූර්ණ කර නියෝජිතයෙකු මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට භාරදීමෙන් පසු ව්‍යාපාර නාම ලියාපදිංචියට අදාල සියළු කොන්දේසි සපුරා ඇතිවිට නියෝජිතයා හරහාම ලියාපදිංචිය සිදුකර සහතික පත්‍රයද නිකුත් කල හැක. (නියෝජිතයාගේ අනන්‍යතාවය තහවුරු විය යුතුය)

මරණයට පත් තැනැත්තකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධව කටයුතු කිරීමේදී රැගෙන ආ යුතු ලේඛණ මොනවාද ?

  • මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
  • අයදුම්කරුට ඇති නෑකමටඅදාල ලේඛණ (උප්පැන්න සහතික,විවාහ සහතිකය)
  • වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබාදීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවට දිවුරුම් ප්‍රකාශය
  • ජාතික හැදුනුම්පත

ඉඩම් අංශය

ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ කාටද ?

  • ග්‍රාම නිලධාරී වසමේ සිටින කෘසිකර්ම පර්යේෂණ හා නිස්පාදන සහකාර (කෘපනිස) හෝ ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීට

සමාජ සේවා අංශය

ගර්භනීය මවුවරුන්ට ලබාදෙන රු.20000/- පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

    • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.

අධ්‍යාපන ආධාර ලබා ගතහැකි අය කවුරුන්ද ?

  • දරුවන්ගේ පියා ‍හෝ මව මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.
  • සමෘද්ධි ප්‍රතිලාභී දරුවන්ට සිප්දොර ශිෂ්‍යාධාර ලබා ගත හැක
  • දෙමාපියන් සිටින ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට පාසැල් උපකරණ ලබා දිය හැක.

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද ?

    • ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.

සමෘද්ධි ප්‍රතිලාභ අලුතින් ලබාගත හැකිද ?

    • 2018 වර්ෂයේ අඩු ආදයාම්ලාභි සමීක්ෂණය යටතේ තෝරා ගන්නා ලද ප්‍රතිලාභීන්ගෙන් කොටසක් සඳහා මුල් අදියර යටතේ 2019 ජුනි මාසයේ ඉදිරි සති කිහිපය තුල සහනාධාර ලබාදීම සිදුවන අතර, ඉතිරි කොටස් සඳහා ද නුදුරේම අදාල ප්‍රතිලාභය ලැබෙනු ඇත. 
    • මෙතෙක් ඉල්ලුම්කර නැති පුද්ගලයෙකු වේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අභියාචනයක් භාරදිය හැක. අභියාචනා සමබන්ධයෙන් ලබා දෙන උපදෙස් අනුව ඔවුන් අතරින් සුදුකම් ලාභීන් තෝරා ගැනීමට බලාපෙරොත්තු වේ.

වැඩිහිටි ආධාර ලබා  ගැනීමට අවහ්‍ය සුදුසුකම් මොනවාද ?

    • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
    • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

    ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපතක් ලබා ගන්නේ කෙසේද?

    • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
    • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
    • මෙහිදී මුළු දිවයිනටම අදාලව වර්ෂ 1960 සිට 2016 දක්වා උපත්, විවාහ හෝ මරණ සහතික වල පිටපත් ලබා ගතහැකියි.

උපතක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

    • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
    • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  •   අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද ?

      • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
      • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
      • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
        • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
        • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
        • විවාහ සහතිකයේ මුල් පිටපත
        • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
        • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
        • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
        • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
        • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
      • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

{sliderවිශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප නතර කරන්නේ ඇයි?|closed}

      • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
      • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
      • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මිය ගිය පසුව විශ්‍රාම වැටුප උරුමකරුවන්ට නොගෙවන්නේ ඇයි?

      • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.

News & Events

01
ජූනි2026

වෙසක්-සැමරුම් - 2026

වෙසක් සතියට සමගාමීව සමාජ සංවර්ධන අංශය මගින් ...

16
ජූලි2025

සෙනෙහසයි පාසලයි වැඩසටහන

සෙනෙහසයි පාසලයි වැඩසටහනට සමගාමීව Generous Hearts Foundation...

Scroll To Top