පසු අයිතිය / මුල් උරුමය නම් කිරීම
ඉඩම් සංවර්ධන ආඥාපනතේ 03 වන උප ලේඛනයේ සදහන් වන ලේ ඥාතීන්ට හා කලත්‍රයාට පසු අයිතිය නම් කල හැකිය.
ඒ සදහා පහත ලේඛණ ඉදිරිපත් කල යුතුය.
ඉල්ලීම් ලිපිය
බලපත්‍රය හා එහි ජායා පිටපතක්
ඥාතීත්වය තහවුරු කිරීමට උප්පැන්න සහතිකය
කට්ටිකරු හැදුනුම්පත රැගෙන කාර්යාලයට පැමිණ ප්‍රාදේශීය ලේකම් ඉදිරියේ ප්‍රකාශ ලබා දීම
බලපත්‍ර ඉඩමක මුල් අයිතිය ලබා ගැනීම
ඉඩමේ හිමිකරු හා කලත්‍රයා මිය ගොස් ඇති විට ඉඩමේ පසු අයිතිය නම් කර ඇති තැනැත්තාට පහත ලේඛණ ඉදිරිපත් කිරීමෙන් මුල් අයිතිය ලබා ගත හැකිය.
ඉල්ලීම් ලිපිය
බලපත්‍රය හා එහි ජායා පිටපතක්
බලපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික
විවාහ සහතිකය
ඥාතිත්වය තහවුරු කිරීමට උප්පැන්න සහතික
ඉඩමේ පසු අයිතිය නම්කර නැත්නම් බලපත්‍රකරුගේ අනිකුත් දරුවන්ගේ කැමැත්ත දක්වන ප්‍රකාශ ප්‍රාදේශීය ලේකම් ඉදිරියේ ප්‍රකාශ ලබා දීම
බලපත්‍රය සදහා දීමනා පත්‍රයක් සකස් කිරීම
බලපත්‍රයක් ලබා දී වසරක් කල් පිරුණු පසු දීමනා පත්‍රයක් ලබා ගැනීමට ඉල්ලීමක් කල යුතුය. ඒ සදහා පහත සදහන් ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.
ඉල්ලීම් ලිපිය
බලපත්‍රය හා එහි ජායා පිටපතක්
කට්ටිකරුගේ හා කලත්‍රයාගේ ජාතික හැදුනුම්පත් වල පිටපත්
දරුවන්ගේ උප්පැන්න සහතික
ආදායම් සහතිකය
මැනුම් කර නොමැති බලපත්‍රයක් නම් මැනුම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දීමනා පත්‍ර සකස් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.
දීමනා පත්‍රයක අනුප්‍රාප්තිය (පසු අයිතිය) නම් කිරීම
ඔබගෙන් පසු ඉඩමේ අයිතිය ලැබිය යුත්තේ කාහටද යන්න තීරණය කර (කලත්‍රයා / ලේ ඥාතියෙකු) ඒ සදහා පහත ලේඛණ ඉදිරිපත් කල යුතුය.
ඉල්ලීම් ලිපිය
ප්‍රධාන පත්‍රය හා එහි ජායා පිටපත
මාස 03ක් ඇතුලත ලබාගත් සියලු පත්ඉරු
ඥාතීත්වය තහවුරු කිරීමට උප්පැන්න සහතික
කට්ටිකරු හැදුනුම්පත රැගෙන කාර්යාලයට පැමිණ ප්‍රාදේශීය ලේකම් ඉදිරියේ ප්‍රකාශ ලබා දීම
රු.25ක මුද්දරයක්, (පැවරීම දෙවැනි වර නම් රු.100ක මුද්දර).
දීමනා පත්‍රයක ජීවිත භුක්තිය ලබා ගැනීම
ඔබගේ කලත්‍රයා මියගොස් නම් ඔහුට/ ඇයට අයත් ඉඩමක් ඔබ නමට පවරා ගත හැකිය
ඉල්ලීම් ලිපිය
ප්‍රධාන පත්‍රය හා එහි ජායා පිටපත
මාස 03ක් ඇතුලත ලබාගත් සියලු පත්ඉරු
දීමනාකරුගේ මරණ සහතිකය
විවාහ සහතිකය
ඉල්ලුම්කරු හැදුනුම්පත රුගෙන කාර්යාලයට පැමිණ ප්‍රාදේශීය ලේකම් ඉදිරියේ ප්‍රකාශ ලබා දීම
රු.25ක මුද්දරයක්, (පැවරීම දෙවැනි වර නම් රු.100ක මුද්දර)
දීමනා පත්‍රයක මුල් අයිතිය ලබා ගැනීම
ඉඩමේ හිමිකරු හා කලත්‍රයා මියගොස් ඇති විට ඉඩමේ පසු අයිතිය නම් කර ඇති තැනැත්තාට පහත ලේඛණ ඉදිරිපත් කිරීමෙන් මුල් අයිතිය ලබා ගත හැකිය.
ඉල්ලීම් ලිපිය
ප්‍රධාන පත්‍රය හා එහි ජායා පිටපත
දීමනාකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික
විවාහ සහතිකය
මාස 03ක් ඇතුලත ලබාගත් සියලු පත්ඉරු
ඥාතිත්වය තහවුරු කිරීමට උප්පැන්න සහතික
ඉඩමේ පසු අයිතිය නම් කර නැත්නම් දීමනාපත්‍රකරුගේ අනිකුත් දරුවන්ගේ කැමැත්ත දක්වන
ප්‍රකාශ ප්‍රාදේශීය ලේකම් ඉදිරියේ ලබා දීම
රු.25ක මුද්දරයක්, (පැවරීම දෙවැනි වර නම් රු.100ක මුද්දර).
දීමනා පත්‍ර ඉඩමක් බැංකුවට උකස් කිරීම
ඔබගේ අවශ්‍යතාවයක් සදහා බැංකුවෙන් ණය මුදලක් ඉල්ලුම් කර රජයේ ඉඩමක්ඇපයට තබන්නේ නම් ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය ලබා ගත යුතුය. ඒ සදහා පහත සදහන් ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.
ඉල්ලීම් ලිපිය
ප්‍රධාන පත්‍රය හා එහි ජායා පිටපත
මාස 03ක් ඇතුලත ලබාගත් සියලු පත්ඉරු
(මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන වලට පමණක් නිකුත් කරනු ලැබේ)
දීමනා පත්‍ර ඉඩමක් පෞද්ගලික මැනීමට අවසර ලබා ගැනීම සදහා
ඒ සදහා පහත සදහන් ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.
ඉල්ලීම් ලිපිය
ප්‍රධාන පත්‍රය හා එහි ජායා පිටපත
මාස 03ක් ඇතුලත ලබාගත් සියලු පත්ඉරු
ඉඩම නිරවුල්ව භුක්ති විදින බවට ග්‍රාම නිලධාරී නිර්දේශය
ජයභූමි ඉඩමක් නම් හතර මායිම් වල සිටින අයගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි
මානක නිලධාරීගේ මැනුම් කිරීමට කැමැත්ත ප්‍රකාශිත ලිපිය...
දීමනා පත්‍ර ඉඩමක් නොතාරිස් ඔප්පුවක් මගින් පැවරීම
ඒ සදහා පහත සදහන් ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.
ඉල්ලීම් ලිපිය
ප්‍රධාන පත්‍රය හා එහි ජායා පිටපත
මාස 03ක් ඇතුලත ලබාගත් සියලු පත්ඉරු
ඉඩමෙන් කොටසක් පවරයි නම් අනුරේඛණය
සම්පූර්ණ ඉඩම පවරන්නේ නම් දීමනාපත්‍රකරුට වෙනත් ඉඩමක ඔප්පුව හා පත්ඉරු
දරුවන්ගේ උප්පැන්න සහතික
දීමනාපත්‍රකරු,කලත්‍රයා,අවු.18 වැඩි දරුවන්ගේ කාර්යාල ප්‍රකාශ
නොතාරිස් පැවරීම සදහා ප්‍රාදේශිය ලේකම්ගෙන් අවසර ඉල්ලා සිටින ආකෘතිය
සැ.යු.- මෙම පැවරීම කල හැක්කේ ගොවි පන්තියේ අයෙකුට පමණි. මධ්‍යම ප්‍රාන්තික ඉඩමක් නම් පැවරුම්ලාභියාගේ ආදායම අනුව මධ්‍යම ප්‍රාන්තිකයෙකු බව සනාථ කල යුතුය














