සිවිල් ලියාපදිංචිය

සිවිල් ලියාපදිංචිය
- සම්පූර්ණ කරන ලඳ අයදුම්පත්‍රය
- ගාස්තුව එක් පිටපත සඳහා රු.100.00 (අංක තිබේ නම් රු.100.00 නැත්නම් රු.200.00)
- 1960 වර්ෂයේ සිට 2016 දක්වා ලංකාව තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අයත් උපත් මරණ සහතික නිකුත් කල හැක.
(කොට්ඨාශය ඇතුලත සිදුවු උපත, මරණ, විවාහ වල සහතිකයේ පිටපත් අප කාර්යාලයෙන් ලබාගත හැක.)
ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලදී සිදුවන උපත්, විවාහ, මරණ ලියාපදිංචි කරගන්නා ආකාරය පහත විස්තර කර ඇති අතර කොට්ඨාශයේ උපත්, විවාහ, මරණ රෙජිස්ට්‍රාර් වරුන්ගේ විස්තර වෙබ් පිටුව අවසානයේ දක්වා ඇත.
සිවිල් ලියාපදිංචි කිරීම යටතේ සිදුවන ලියාපදිංචි
- විවාහ ලියාපදිංචි කිරීම
- විශේෂ බලපත්‍ර මත විවාහ සිදු කිරීම ( සාමාන්‍ය විවාහ)
- උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම
- කල්ගිය උපත් ලියාපාදිංචි කිරීම
- අනුමාන වයස් සහතික නිකුත් කිරීම
- 27 වන වගන්තිය යටතේ උප්පැන්නයක 2 තීරය සංශෝධනය කිරීම
- 27 ආ වගන්තිය යටතේ උප්පැන්නයක 4, 6,7,8,9 තීරූ සංශෝධනය
- 52/1 වන වගන්තිය යටතේ උප්පැන්නයක හෝ මරණ සහතිකයක සංශෝධනය කිරීම
- කල්ගත වූ මරණ ලියාපදිංචි කිරීම
01. විවාහ ලියාපදිංචි කිරීම
අරමුණ
නීත්‍යානුකූල විවාහයක් සිදුකිරීම
අවශ්‍ය සුදුසුකම්
- දෙපාර්ෂවයටම වයස අවූ 18 සම්පූර්ණ වීම
- නිසි පරිදි සම්පූර්ණ කර සහතික කරන ලද දැන්වීම් නියමිත මුදල් ද සමඟ භාර දීම
- දෙපාර්ශවය අදාල දිස්ත්‍රික්කය තුල පදිංචි වී සිටීම හෝ දිස්ත්‍රික්ක දෙකක පදිංචි නම් අදාල කාල සීමාව තුල විවාහ දැන්වීම් හුවමාරු කර තිබීම
- වැදගත් සාක්ශිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම
- විවාහ වීමට නීත්‍යානුකූල බාධාවක් නොමැති වීම
සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ පනතේ 112 අධිකාරිය යටතේ සුදුසුකම් සපුරා තිබීම
අවශ්‍ය ලිපිලේඛන
- නිවැරදි ලෙස සම්පූර් ණ කර මුදල් ගෙවා සහතික කරන ලද ලි.ප.බි 100 විවාහ දැන්වීම
- නිවැරදි ලෙස සම්පූර් ණ කර මුදල් ගෙවා සහතික කරන ලද ලි.ප.බි 104 ප්‍රකාශය හා ලි.ප.බි 121 ඉල්ලුම් පත්‍රය
- ලි.ප.බි 105 , ලි.ප.බි 103, ලි.ප.බි 157, ලි.ප.බි 115 විවාහ ලේකම් පොතෙහි ආකෘති
අරමුණ නීත්‍යානුකූල විවාහයක් සිදු කිරීම අවශ්‍ය සුදුසුකම් අවශ්‍ය ලිපි ලේඛන02. විශේෂ බලපත්‍ර මත විවාහ සිදු කිරීම ( සාමාන්‍ය විවාහ)
අරමුණ නීත්‍යානුකූලව සහතික කරන ලද විවාහ, මරණ, උප්පැන්න උඩරට විවාහ දික්කසාද හා මුස්ලිම් දික්කසාද පිටපත් නිකුත් කිරීම. අවශ්‍ය සුදුසුකම් ඉල්ලා සිටින සහතිකයට අදාල සිදුවීම, බලප්‍රදේශය තුල සිදුවී තිබීම. 1960 වර්ෂයේ සිට 2016 දක්වා ලංකාව තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අයත් උපත් මරණ සහතික නිකුත් කල හැක. අවශ්‍ය ලිපිලේඛන03. උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම
අරමුණ ලියාපදිංචි වී නොමැති උපතක් නීත්‍යානුකූල කිරීම අවශ්‍ය සුදුසුකම් අවශ්‍ය ලිපිලේඛන04. කල්ගිය උපත් ලියාපදිංචි කිරීම
අරමුණ ලිඛිත සාක්ෂි නොමැති උපතක් ලියාපදිංචි කිරීම අවශ්‍ය සුදුසුකම් අවශ්‍ය ලිපිලේඛන05. අනුමාන වයස් සහතික නිකුත් කිරීම
අරමුණු අවශ්‍ය සුදුසුකම් අවශ්‍ය ලිපිලේඛන06. 27 වන වගන්තිය යටතේ උප්පැන්නයක2 තීරය සංශෝධනය කිරීම
අරමුණු පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය වෙනස් කිරීම, ඇතුලත් කිරීම, අත් හැරීම හා නිවැරදි කිරීම අවශ්‍ය සුදුසුකම් බල ප්‍රදේශය තුල උපත ලියාපදිංචි වී තිබීම අවශ්‍ය ලිපිලේඛන07. 27 ආ වගන්තිය යටතේ උප්පැන්නයක4, 6,7,8,9 තීරූ සංශෝධනය
අරමුණු අවශ්‍ය සුදුසුකම් බල ප්‍රදේශය තුල උපත හෝ මරණය ලියාපදිංචි කර තිබීම අවශ්‍ය ලිපිලේඛන v වෙනස් විය යුතු තීරය අනුව ලිපිලේඛන වෙනස් විය හැකිය මරණ සහතිකයක් සඳහා 08. 52/1 වන වගන්තිය යටතේ උප්පැන්නයක හෝ මරණ සහතිකයක සංශෝධනය කිරීම
අරමුණ මරණය ලියාපදිංචි වී නොමැති බවට තහවුරු වූ පුද්ගලයෙකුගේ මරණය ලියාපදිංචි කිරීම අවශ්‍ය සුදුසුකම් අවශ්‍ය ලිපිලේඛන09. කල්ගතවූ මරණ ලියාපදිංචි කිරීම
1. උප්පැන්න සහතිකයක් ලබා ගැනීම - රු. 100.00 (ලියාපදිංචි අංකය සහ උපන්දිනය සියලුම විස්තර සහිත) 2. උප්පැන්න සහතිකයක් ලබා ගැනීම - රු. 200.00 (උපන්දිනය පමණක් සහ වසර 02ක සෙවීමක් සහිත) 3. මරණ සහතිකයක් ලබා ගැනීම - රු. 100.00 (ලියාපදිංචි අංකය සහ මරණය සිදුවූ දිනය සහිත සියලුම විස්තර සහිත) 4. මරණ සහතිකයක් ලබා ගැනීම - රු. 200.00 (මරණය සිදුවූ දිනය සහිතව වසර 02 ක සෙවීමක් සහිතව සොයා බැලීම) 5. විවාහ සහතිකයක් ලබා ගැනීම - රු. 100.00 (ලියාපදිංචි අංකය සහ විවාහ වූ දිනය සහිතව සියලුම විස්තර සහිත) 6. විවාහ සහතිකයක් ලබා ගැනීම - රු. 200.00 (විවාහවූ දිනය හෝ වසර 02ක සෙවීමක් සහිතව සොයා බැලීම) 7. විවාහ ලියාපදිංචිය විශේෂ බලපත්‍ර යටතේ විවාහයක් ලියාපදිංචිය සදහා - රු. 1150.00 විවාහ ලියාපදිංචිය (සාමාන්‍ය) - රු. 950.00 ගෘහ බලපත්‍රයක් යටතේ විවාහ ලියාපදිංචිය (සාමාන්‍ය) - රු. 1000.00 ගෘහ බලපත්‍ර යටතේ විශේෂ බලපත්‍රයක් මත - රු. 1200.00සහතික පිටපත් ලබා ගැනිමට සඳහා වැයවන මුදල් ප්‍රමාණයන්
වැඩිදුර විස්තර සඳහා - මෙතනින් පිවිසෙන්නආකෘති පත්‍ර බාගත කර ගැනීම සදහා
ජාතික හැඳුනුම්පත (පෙර සැකසුම)
උපදෙස් පත්‍රිකා -
- මුල්වරට හැඳුනුම්පතක් ලබා ගැනීම සදහා
- හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීම සඳහා
- සංශෝධන හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා
වෙනත් අයදුම්පත්‍ර බාගත කර ගැනීම සඳහා - http://www.drp.gov.lk/Templates/Download-sinhala.html
වැඩිදුර විස්තර සදහා - http://www.drp.gov.lk/
විදේශ ගමන් බලපත්‍රය (පෙර සැකසුම)
- විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ උපදෙස්
- විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍රය
- පුරවා මුද්‍රණය කරගත හැකි ගමන් බලපත් අයදුම්පත
- සංශෝධන හා වෙනස් කිරීම්
වෙනත් අයදුම්පත්‍ර බාගත කර ගැනීම සඳහා
http://www.immigration.gov.lk/web/index.phpoption=com_content&view=article&id=127&Itemid=105&lang=en
වැඩිදුර විස්තර සඳහා - http://www.immigration.gov.lk














